මුල් ප්රභවය
පියයුරු පිළිකාවට හේතූන් නිශ්චිතව සොයා ගෙන නැත. එමනිසා එක් කාන්තාවකට පියයුරු පිළිකාව වැළඳීමටත්, තවත් කාන්තාවකට නොවැළඳීමටත් හේතුවක් කීමට අපහසු ය. නමුත් ඔබට පියයුරු පිළිකාවක් වැළදීමට ඇති හැකියාව කෙරෙහි බලපෑ හැකි අවදානම් සාධක ඇත. මින් සමහර ඒවා පිළිබඳව ඔබට කල හැකි කිසිවක් නැත. නමුත් ඇතැම් ඒවා ඔබට වෙනස් කල හැකිය.
පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම වයස සමග වැඩි වේ. මෙම තත්ත්වය වයස අවුරුදු 50ට වැඩි ආර්තවහරණයට ලක්වූ කාන්තාවන් අතර සුලබ වේ. පියයුරු පිළිකා සිද්ධි දහයක් ගත් කල ඉන් අටක් වයස අවුරුදු 50ට වැඩි කාන්තාවන් වේ.
පියයුරු හෝ ඩිම්බ කෝෂ පිළිකා තත්ත්වයකින් පෙලුනු සමීප ඥාතියෙකු ඔබට සිටීනම්, ඔබට ද පියයුරු පිළිකා තත්වයක් ඇති වීමට වැඩි අවදානමක් තිබිය හැකිය. නමුත් කාන්තාවන් අතර ඇති සුලබම පිළිකා වර්ගය පියයුරු පිළිකාව නිසා, පවුල් ඉතිහාසයේ සම්බන්ධයක් රහිතව වුවද එය පවුලේ එක් අයෙකුට වඩා වැඩි ගණනකට ඇතිවිය හැකිය. පියයුරු පිළිකා සිදුවීම් වලින් බොහොමයක් පවුලේ ආරයෙන් ආ ඒවා නොවේ. නමුත් BRCA1 සහ BRCA2 යන ජාන මගින් ඔබට පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය. මෙම ජාන දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබිය හැකි ය. මෑතකදී සොයාගත් TP53 සහ CHEK 2 යන ජානද, පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කිරීම කෙරෙහි සම්බන්ධතාවයක් ඇත. උදාහරණයක් ලෙස, වයස අවුරුදු 50ට පෙර පියයුරු පිළිකාව වැළඳුණු, පවුලේ එකම පාර්ශවයක සමීප ඥාතීන් (ඔබගේ මව, සහෝදරිය හෝ දියණිය වැනි) දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඔබට සිටී නම්, පියයුරු පිළිකාවක් ඇත්දැයි බැලීමට කරන පරීක්ෂා වලට ලක් වීමට හෝ පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉහළ නංවන ජාන තිබේදැයි පරික්ෂා කිරීමට ජාන පරීක්ෂණයකට ලක් වීමට ඔබ සුදුසු වේ. පියයුරු පිළිකා තත්ත්ව සහිත ඔබේ පවුල් ඉතිහාසය පිළිබඳව ඔබ වද වෙනවා නම්, ඔබගේ වෛද්‍යවරයා සමග එය සාකච්ඡා කරන්න.
ඔබට කලින් වතාවක දී පියයුරු පිළිකාවක් හෝ පියයුරු තුල ඇති නාල වල පූර්ව ආක්‍රමණික නොවන පිළිකා සෛල වෙනස් වීමක් තිබුනේ නම්, එම පියයුරේම හෝ අනෙක් පියයුරේ එය නැවත ඇතිවීමට ඔබට වැඩි අවදානමක් ඇත. ඔබ ගේ පියයුරෙහි හානි කර නොවන ගැටිත්තක් තිබීම මගින් ඔබට පියයුරු පිළිකා තත්වයක් ඇති බව නො හැඟවේ. සමහර ආකාර වල ගැටිති මගින්ද ඔබට පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමට ඇති අවදානම සුළු වශයෙන් වැඩි කළ හැකිය. පියයුරු තුළ ඇති නාළවල ඇති සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම (Atypical ductal hyperplasia), ස්ථන ඛණ්ඩිකා වල අසාමාන්‍ය සෛල තිබීම (Lobular carcinoma in situ) වැනි ඔබ ගේ ස්ථන පටකයේ පිළිකාමය නොවන ඇතැම් වෙනස්වීම් මගින් ඔබට පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය.
ඔබගේ පියයුරු සෑදී ඇත්තේ කිරි නිෂ්පාදනය කරන දහස් ගණනක් කුඩා ග්‍රන්ථිවලිනි (ඛණ්ඩිකා). අනෙකුත් පියයුරු පටක වලට වඩා මෙම ග්‍රන්ථිමය පටකයේ ස්ථන සෛල වැඩි සාන්ද්‍රණයකින් සමන්විත වන නිසා එය වඩාත් ඝනකම් වේ. පිළිකාමය බවට පත්විය හැකි සෛල වැඩි ගණනක් පවතින නිසා, ඝනකම් ස්ථන පටකයක් සහිත කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් තිබිය හැකිය. ගැටිති හෝ අසාමාන්‍ය පටක සහිත ප්‍රදේශ හදුනා ගැනීම අපහසු වන නිසා ඝනකම් ස්ථන පටකයක් තිබීමෙන් මැමෝග්‍රෑම් පරීක්ෂණය කියවීම අපහසු විය හැකිය. සාමාන්‍යයෙන් තරුණ කාන්තාවන්ට වඩාත් ඝනකම් ස්ථන පටකයක් තිබේ. ඔබ වයස්ගත වන විට ඔබගේ පියයුරෙහි ඇති ග්‍රන්ථිමය පටක ප්‍රමාණය අඩු වී එය මේදයෙන් ප්‍රතිස්ථාපනය වේ. එම නිසා ඔබගේ පියයුරු වල ඝනකම් ස්වභාවය අඩුවේ.
ඊස්ට්‍රජන් වලට නිරාවරණය වීම-ස්ත්‍රී හෝමෝනයක් වන ඊස්ට්‍රජන් මගින් සමහර අවස්ථාවලදී පියයුරු පිළිකා සෛල උද්දීපනය කොට ඒවා වර්ධනය කර විය හැකිය. ඔබ වැඩිවියට පත් වූ විට ඔබගේ ආර්තව චක්‍රය පවත්වාගෙන යාම සඳහා ඔබගේ ඩිම්බ ගබඩා කර තබන ඩිම්බ කෝෂ වලින් ඊස්ට්‍රජන් ස්‍රාවය කිරීම ආරම්භ කරනු ලබයි. ඔබගේ ශරීරය නිරාවරණය වන ඊස්ට්‍රජන් ප්‍රමාණය සමග ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම සුළු වශයෙන් වැඩි විය හැකිය. උදාහරණයක් ලෙස ඔබ ඉතා කුඩා වයසේදී වැඩිවියට පත් වූයේ නම් හා බොහෝ පසු වයසකදී ආර්තවහරණයට පත්වූයේ නම් ඔබගේ ශරීරය දිගු කාලයක් පුරාවට ඊස්ට්‍රජන් වලට නිරාවරණය වෙමින් පවතිනු ඇත. ඒ ආකාරයටම, ඔබ ඊස්ට්‍රජන් වලට නිරාවරණය වීමට ගර්භනී භාවය හේතුවෙන් හෝ බාධා නොවන නිසා, දරුවන් නො ලැබීම හෝ ඉතා පසු වයසකදී දරුවන් ලැබීම නිසා ඔබට පියයුරු පිළිකාවක් වැළදීමට ඇති අවදානම සුළු වශයෙන් වැඩි විය හැකිය. හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව (Hormone replacement therapy/HRT) හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සාව සහ පියයුරු පිළිකා තත්ත්වයක් ඇතිවීමේ අවදානම වැඩි වීම අතර සම්බන්ධයක් ඇත. යෝනි මාර්ගය හරහා ලබාදෙන ඊස්ට්‍රජන් හැරුණු කොට අනෙකුත් සියලුම හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සා මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය. ඔබ හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සා ලබාගන්නේ වසරකට වඩා අඩු කාලයක් නම් ඔබට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වීමක් නැත. නමුත් ඔබ හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සා වසරකට වඩා වැඩි කාලයක් ලබා ගන්නේ නම් එම චිකිත්සා කිසිදා භාවිතා කර නොමැති කාන්තාවන්ට වඩා ඔබට පියයුරු පිළිකා වැළදීමේ වැඩි අවදානමක් ඇත. සංයුග්ම හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සා වසර දහයක් පමණ කාලයක් පුරා ලබා ගන්නා වයස අවුරුදු 40 හෝ 50 කාන්තාවන් සිය දෙනෙකු ගත් විට අමතර සිද්ධි හතරක් පමණ ඇති බව ඇස්තමේන්තු කර ඇත. හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සා ගැනීම නතර කළ පසු ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇතිවූ අවධානම අඩුවේ. නමුත් එම චිකිත්සා කිසිදා භාවිතා නොකල කාන්තාවන් හා සංසංදනය කල විට යම් අවදානමක් තවත් වසර දහයකට වඩා කාලයක් යන තුරු පවතී. විශේෂයෙන් ආර්තව හරනය නිසා ඇතිවූ රෝග ලක්ෂණ දරා ගැනීමට ඔබට හැකි නම්, සාමාන්‍යයෙන් හෝමෝන ප්‍රතිස්ථාපන චිකිත්සා දීර්ඝකාලීනව භාවිතා කිරීමට නිර්දේශ නොකරයි. උපත් පාලන පෙති-උපත් පාලන පෙති භාවිතා කරන කාන්තාවන්ට පියයුරු පිළිකා වැලදීමට සුලුවශයෙන් වැඩි අවදානමක් ඇති බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. නමුත්, ඔබ එම පෙති ගැනීම නැවැත්වූ විට එම වැඩිවූ අවදානම අඩු වීමට පටන් ගන්නා අතර නවත්වා වසර 10 කට පසුව, ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම සාමාන්‍ය තත්ත්වයට පත්වේ.
ශරීර ස්කන්ධය වැඩිවීම හෝ ස්ථුලතාවය- ඔබ ආර්තවහරණයට පත්වූයේ නම් සහ ශරීර ස්කන්ධය වැඩි හෝ ස්ථුලතාවයෙන් පෙලේ නම්, ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට වැඩි අවදානමක් තිබිය හැකිය. මෙය ඔබගේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම හා සම්බන්ධ බව සිතිය හැකිය. ආර්තවහරණයෙන් පසුව ශරීර ස්කන්ධය වැඩිවීම හෝ ස්ථුලතාවයට පත්වීම නිසා ශරීරය තුල ඊස්ට්‍රජන් නිශ්පාදනය වැඩිවේ. මධ්‍යසාර - ඔබ පානය කරන මධසාර ප්‍රමාණය සමග ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවධානම වැඩිවිය හැකිය. නිතිපතා දිනකට මද්‍යසාර පාන දෙකක් පානය කරන සෑම කාන්තාවන් 200 කට, මත්පැන් පානය නොකරන කාන්තාවන් සමග සංසංදනය කල විට, පියයුරු පිළිකාවෙන් පෙලෙන කාන්තාවන් වැඩිපුර 3 දෙනෙකු සිටින බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.
X-කිරණ චායාරූප ගැනීම සහ CT ස්කෑන් වැනි විකිරණ භාවිතා කරන ඇතැම් වෛද්‍ය ක්‍රියා පිලිවෙත් මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා සුළු වශයෙන් වැඩිකල හැකිය. ඔබ කුඩා කාලයේදී, හොඩ්කින් ලිම්පෝමා (Hodgkin lymphoma) තත්ත්වය සඳහා ඔබගේ පපුව ප්‍රදේශයට විකිරණ චිකිත්සාව සිදුකලේ නම්, ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති ඉහල අවදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂඥවරයකු සමග හමුවකට ආරාධනා කරමින් සෞඛ්‍යය දෙපාර්තමේන්තුවෙන් දැනටමත් ලිපියක් ලැබී තිබිය හැකිය. ඔබව එසේ සම්බන්ධ කර නොගතහොත් හෝ ඔබ එවැනි හමුවකට සහභාගී නොවුනේ නම්, ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබගේ පියයුරු සඳහා MRI ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඔබට හිමිකම ඇත. ඔබට දැනට හොඩ්කින් ලිම්පෝමා තත්ත්වයට විකිරණ චිකිත්සාව අවශ්‍ය වේ නම්, ඔබට පියයුරු පිළිකාවක් ඇතිවීමට ඇති අවදානම පිළිබඳව ඔබගේ විශේෂඥ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර ඔබ සමග සාකච්ඡාකල යුතුය.